Latest News

අමෙ­රි­කානු කලා­පයේ රට­වල් 5ක මෝදිගේ සංචාරය ඉතිහාසගත වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ද්විපා­ර්ශ්වික සබ­ඳතා ශක්ති­මත් කිරීමේ අර­මු­ණින් අමෙ­රි­කානු කලා­පයේ රට­වල් 5ක නිල සංචා­ර­යක නිරත වූ ඉන්දීය අග­මැති නරේන්ද්‍ර සිය සංචා­රය අතරතුර ට්‍රිනි­ඩෑඩ් සහ ටුබෑගෝ රාජ්‍යයේ පාර්ලි­මේ­න්තුව ඇමැතූ පළමු ඉන්දීය අග­මැ­ති­ව­රයා ලෙස ඉති­හා­ස­යට එක්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

බ්‍රසී­ලයේ පැවැති බ්‍රික්ස් රාජ්‍ය නාය­ක­යන්ගේ සමු­ළු­වට සමා­ග­මීව සිදු කළ එම සංචා­ර­යේදී ඩිජි­ටල් මූල්‍ය, පුන­ර්ජ­න­නීය බල­ශ­ක්තිය, සෞඛ්‍ය සේවා සහ තොරතුරු තාක්ෂ­ණය වැනි ක්ෂේත්‍ර­ව­ලින් ඉන්දි­යාවේ සබ­ඳතා පුළුල් කර ගැනීම අර­මුණ වූ බව ද ඉන්දීය මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරනවා.

එහිදී ඉන්දීය අග­මැ­ති­ව­රයා ට්‍රිනි­ඩෑඩ් සහ ටුබෑගෝ රාජ්‍යය සමඟ යටි­තල පහ­සු­කම්, ඖෂධ සහ සංස්කෘ­තික හුව­මාරු වැඩ­ස­ට­හන් වැනි ක්ෂේත්‍ර­වල සබ­ඳතා පුළුල් කර­ගැ­නීම සඳහා ගිවි­සු­ම්ගත වූ බව ද ඉන්දීය මාධ්‍ය සඳ­හන් කරනවා.

පසු­ගිය 2 වැනිදා ආරම්භ වූ එම සංචා­ර­යේදී ඉන්දීය අග­මැ­ති­ව­රයා ඝානා රාජ්‍යය, අජෙ­න්ටි­නාව සහ නැමී­බි­යාව රට­වල ද සංචා­රය කළ බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today