ළදරුවන්ට සහ ඉතා කුඩා දරුවන්ට සුදුසු පළමු මැලේරියා ප්‍රතිකාරය භාවිතය සඳහා අනුමත කර තිබෙනවා.
ඖෂධ සමාගමක් විසින් නිෂ්පාදනය කර ඇති මෙම නව ඖෂධය අනුමත කර ඇත්තේ ස්විට්සර්ලන්ත බලධාරීන් විසින්.
සති කිහිපයක් ඇතුළත අප්‍රිකානු රටවල එය ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිතයි.
එය බොහෝ දුරට ලාභ නොලබන පදනමක් මත හඳුන්වා දීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ළමුන් සඳහා මැලේරියා ප්‍රතිකාර පැවතියද මේ දක්වා, කිලෝග්‍රෑම් 4. 5 ට අඩු හෝ රාත්තල් 10 ක් පමණ බරැති ඉතා ලාබාලතම ළදරුවන් සහ කුඩා දරුවන් සඳහා විශේෂයෙන් සැකසූ මැලේරියා ඖෂධයත් භාවිතයට ගෙන තිබුණේ නැහැ.
ඒ වෙනුවට ඔවුන්ට වැඩිහිටි දරුවන් සඳහා සකස් කරන ලද එන්නත් මාත්‍රා ලබා දුන්නේ අවදානමක්ද අතැතිවයි.
2023 වර්ෂයේ ලොව පුරා වාර්තා වූ මැලේරියාව මරණ සංඛ්‍යාව 5 97,000 ක්.
එම සියලු මරණ වාර්තා වූයේ අප්‍රිකාවෙන්.
ඉන් හතරෙන් තුනක් පමණ වයස අවුරුදු 5ට අඩු ළමුන් වීම විශේෂත්වයක්.