Latest News

ෂෙයික් හසීනාගේ රහසිගත දුරකථන සංවාදයක හඬ පටයක් එළියට

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රහසිගතව පවත්වන දුරකථන සංවාදවල හඬපට අනාවරණය වීම මේ වන විට ලොව පුරා අලුත් පුවත් මවන මාතෘකාවක් වී තිබෙනවා.

පසුගිය සතියේ ඒ සම්බන්ධයෙන් කතාබහක් මතු වුණේ තායිලන්ත අගමැතිනිය හා කාම්බෝජයේ ප්‍රධානියෙකු සමඟ පැවැත් වූ දුරකථන සංවාදයක් අනාවරණය වීමත් සමඟයි.

දැන් තවත් අගමැතිනියක් සිදු කළ දුරකථන සංවාදයක හඬ පටයක් අනාවරණය වී තිබෙනවා.

ඇය බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනායි.

පසුගිය වසරේ බංග්ලාදේශයේ පැවති ශිෂ්‍ය විරෝධතා මාරාන්තික ලෙස මර්දනය කිරීමට එවකට අගමැතිනි ෂෙයික් හසීනා විසින් අවසර දී ඇති බවයි එම දුරකථන හඬ පටයෙන් අනාවරණ වී ඇත්තේ.

එහිදී හසීනා විසින් විරෝධතාකරුවන්ට එරෙහිව මාරාන්තික අවි භාවිතා කිරීමට ආරක්ෂක හමුදාවන්ට බලය ලබා දුන් අයුරු සඳහන්ව තිබෙනවා.

ඔවුන් සොයා ගන්නා ඕනෑම තැනක, ඔවුන්ට වෙඩි තබන ලෙස දන්වා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් ඉන්දියාවට පලා ගිය ෂෙයික් හසීනා සහ ඇගේ පක්ෂය මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ විමර්ශකයින්ට අනුව මෙම නොසන්සුන්තාවයෙන් පුද්ගලයින් 1,400ක් පමණ මිය ගියා.

World News

Send your contact Details Today