Latest News

ඔබට වැළඳිය හැකි රෝගයක් කළින් හඳුනාගැනීමට Smart Pen එකක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකින්සන් රෝගය කලින් හඳුනාගැනීම සදහා විද්‍යාඥයින් විසින් Smart Pen එකක් නිර්මාණය කර තිබෙනවා.

පාකින්සන් රෝගය කලින් හඳුනාගැනීම වෛද්‍යවරුන් මුහුණ දෙන විශාලතම අභියෝගක් වන අතර එය හදුනාගන්න විට බොහෝ දෙනෙකුගේ මොළයට බරපතල හානි සිදු වී ඇති බවයි විද්‍යාඥයින් කියා සිටියේ.

රෝගය කලින් හඳුනා ගැනීමට දැනට පවතින පරීක්ෂණ මගින් මොළයේ සෛල හානිය හෝ රුධිරයේ වෙනස්කම් හදුනාගැනීම පමණක් සිදු කරනවා.

මෙම පරීක්ෂණ සඳහා බොහෝ විට මිල අධික වෛද්‍ය උපකරණ අවශ්‍ය වන අතර එය දියුණු රෝහල්වල හෝ පර්යේෂණ මධ්‍යස්ථානවල සිදු කළ යුතු වනවා.

එහෙත් මෙම නව Smart Pen එක මගින් පුද්ගලයෙකු ලියන ආකාරය විශ්ලේෂණය කිරීමෙන් පාකින්සන් රෝගයේ මූලික ලක්ෂණ හඳුනා ගැනීමට හැකි බවයි ජෛව ඉංජිනේරු මහාචාර්ය ජුන් චෙන් කියා සිටියේ.

මෙය කාන්දම් බලයෙන් ක්‍රියාත්මක වන 3D මුද්‍රණ සහිත පෑනක් වනවා.

පෑන පෘෂ්ඨයක හෝ වාතය හරහා චලනය කිරීමෙන් එහි චුම්බක තරංග මෘදු ලෙස වෙනස් වනවා.

එම වෙනස්කම් පෑන වටා ඇති විශේෂ නූල් දඟරයක් මගින් ලබා ගන්නා අතර එය සංඛේතාත්මක දත්ත බවට පරිවර්තනය කරනු ලබනවා.

පාකින්සන් රෝගය හඳුනා ගැනීමට මෙම පෑන සැබවින්ම උපකාරී වේද යන්න බැලීමට, පුද්ගලයින් 16 දෙනෙකු සමඟ කුඩා අධ්‍යයනයක්ද සිදුකර ඇති අතර රෝගය ඇති බවට පුද්ගලයින් තිදෙනෙකු ද හදුනාගෙන තිබෙනවා.

තවද ස්නායු රෝග තත්වයන් හඳුනා ගැනීමට උපකාරී වන පරිදි මෙම ප්‍රවේශය අනුවර්තනය කළ හැකි බව පර්යේෂණ කණ්ඩායම කියා සිටියා.

World News

Send your contact Details Today