Latest News

ඊශ්‍රායලයෙන්, යේමනයේ හූති ඉලක්ක වෙත ප්‍රහාර

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය, යේමනයේ හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ යේමනයේ හොඩෙයිඩා, රාස් ඊසා සහ සායිෆ් යන වරායන් තුනට සහ රාස් කනාටිබ් විදුලි බලාගාරයට ඊශ්‍රායලය ප්‍රහාර මෙලෙස ප්‍රහාර එල්ලකර ඇති බවයි.

ඊශ්‍රායලයට නැවත නැවතත් එල්ලවන හවුති ප්‍රහාර හේතුවෙන් සිදු වූ බවමෙම ප්‍රහාර සිදුකළ බවයි ඊශ්‍රායලය හමුදාව පවසන්නේ.

මාසයකට ආසන්න කාලයකින් පසු ඊශ්‍රායල යේමනයට එල්ල කළ පළමු ප්‍රහාරය මෙය වනවා.

මේ අතර ප්‍රහාරයෙන් අනතුරුව එක්ස් හි සටහනක් තබමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසුවේ, ඊශ්‍රායලයට හානි කිරීමට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවයි.

ඉරානයට අත් වූ ඉරණමට හා සමාන ඉරණමක් යේමනයට ද අත්විඳීමට ඉඩ ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

World News

Send your contact Details Today