Latest News

බ්‍රසීලයේ ඇරඹි 17 වන බ්‍රික්ස් සමුළුවේ ප්‍රකාශනය නිකුත් කෙරේ

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

17 වන බ්‍රික්ස් නායකයින්ගේ රැස්වීම ඊයේ (06) බ්‍රසීලයේ Rio de Janeiro නගරයේ දී ආරම්භ වුණා. ‍

ගෝලීය දකුණේ සහයෝගිතා ශක්තිමත් කිරීම, වෙනස්කම පිළිගැනීම හා තිරසර බව සහිත ගෝලීය පාලනය ප්‍රවර්ධනය යන්න තේමා කර ගත් Rio de Janeiro ප්‍රකාශනය එහිදී නිකුත් කෙරුණා.

Rio de Janeiro ප්‍රකාශනයට අනුව සාමය ප්‍රවර්ධනය කිරීම, නියෝජනය හා සාධාරණත්වය සහිත ජාත්‍යන්තර පටිපාටිය ගොඩනැගීම ඉදිරියට ගෙන යාම, බහුපාර්ශ්වික පද්ධතිය ප්‍රතිසංස්කරණය හා තිරසර සංවර්ධන මගින් බ්‍රික්ස් රටවල උපායමාර්ගික සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරනවා.

ජාත්‍යන්තර නීතියට පටහැනි වන සියළු ඒකපාර්ශ්වික බලහත්කාර පියවරයන් හෙළා දකින බ්‍රික්ස් රටවල්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය රහිතව කිසිදු ඒකපාර්ශ්වික සම්බාධකයකට එකඟත්වය පළ නොකොට ඊට විරුද්ධ වන බව Rio de Janeiro ප්‍රකාශනයේ සඳහන් වනවා.

එමෙන්ම ගෝලීය කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පාලනය, දේශගුණ විපර්යාසයන්ට ප්‍රතිචාර දැක්වීම, විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන සහයෝගිතාව, ගෝලීය සෞඛ්‍ය සහයෝගිතාව, බලශක්ති පරිවර්තනය, මානව සංස්කෘතික හුවමාරු හා සාමකාමීව අභ්‍යවකාශය ප්‍රයෝජනයට ගැනීම යනාදිය පිළිබඳව බ්‍රික්ස් රටවල ස්ථාවරය ද එමඟින් පැහැදිලි කෙරුණා.

මේ අතර බ්‍රික්ස් රටවල මීළඟ සභාපතීත්වය සමගින් 18 වන බ්‍රික්ස් නායකයින්ගේ රැස්වීම 2026 වසරේ දී ඉන්දියාවේ පැවැත්වෙනු ඇති බවත් Rio de Janeiro ප්‍රකාශනයේ වැඩිදුරටත් සඳහන් වුණා.

World News

Send your contact Details Today