Latest News

රටවල් 03ක මැදිහත්වීමෙන් ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම සාම සාකච්ඡා අද

Published 9 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කටාර්, ඊජිප්තු හා අමෙරිකා මැදිහත්වීමෙන් ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම සාම සාකච්ඡා අද (6) කටාර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව සාම සාකච්ඡා සඳහා තම නියෝජිතයින් පිරිසක් යොමු කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසනවා.

අමෙරිකාවේ යෝජනාවකට අනුව මෙම සටන් විරාම සාම සාකච්ඡා පැවැත්වෙන අතර හමාස් සංවිධානය ඉදිරිපත් කර ඇති යෝජනා අනුමතකළ නොහැකි වුවද සාකච්ඡා සදහා ලැබුණු ආරාධනාව පිලිගන්නා බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ස්ථිර සටන් විරාමයක් ඇති කිරීමට සාම සාකච්ඡා හරහා අසමත් වුවහොත් යළි යුද ගැටුම් ආරම්භ නොකළ යුතු බවට විධානයක් සාම සාකච්ඡා කොන්දේසිවලට ඇතුළත් කළ යුතු බවයි හමාස් සංවිධානය ඉල්ලා සිටින්නේ.

අමෙරිකාවෙන් ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර දින 60ක කාලයක් සදහා සටන් විරාමයක් යෝජනා කළ අතර හමාස් සංවිධානයහා ඊශ්‍රායලය පසුගිය සිකුරාදා ඊට ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වුවා.

ඒ සමඟයි අද දිනයේදී සාම සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ.

World News