පාකිස්තානයේ පිහිටි සිය Microsoft කාර්යාලය වසර 25කට පසු වසා දැමීමට එම ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.
ඒ අනුව ශ්‍රම බළකාය අඩු කිරීමේ ගෝලීය උපාය මාර්ගයේ කොටසක් වශයෙන් තාක්ෂණික දැවැන්තයෙක් වන Microsoft පාකිස්තානයේ පිහිටි මෙම කාර්යාලය වසා දමන බවට නිවේදනය කර තිබෙනවා.
එබැවින් එම ආයතනය මඟින් ඉකුත් බ්‍රහස්පතින්දා සිට පාකිස්ථානයේ පිහිටි එම කාර්යාලය වසා දැමීමට පියවර ගෙන ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යයෙන් ලැබෙන තොරතුරු අනුව වාර්තා වූයේ 2023 වර්ෂයෙන් අනතුරුව සිදුවූ විශාලතම සේවක කප්පාදුවට වූ 9,000ක සේවක කප්පාදුවට අමතරව මෙම ක්‍රියාවලිය සිදුකර ඇති බවයි.
කෙසේ වෙතත් මෙම පියවර ගැනීමට හේතුව පිළිබඳව Microsoft ආයතනයේ පාකිස්තානයේ හිටපු ප්‍රධානී ජවාඩ් රෙහ්මාන් තම LinkedIn ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
ඒ අනුව ඔහු සඳහන් කර ඇත්තේ Microsoft ව්‍යාපාර මුහුණ දෙන අරගල සේම මුදලේ අවප්‍රමාණය සහ විදෙස් ආයෝජන පහත වැටීම ඇතුළුව රටේ ආර්ථික අස්ථාවරත්වය මේ සඳහා හේතු වූ බවයි.
එසේම එම ආයතනය දක්වා ඇත්තේ පාකිස්තානයේ පිහිටි තම කාර්යාලය වසා දැමුවද පාකිස්තානයට ආසන්න රටවල පිහිටා තිබෙන සෙසු Microsoft කාර්යාල ඔස්සේ පාකිස්තාන පාරිභෝගිකයින්ට සිය සේවාවන් ලබා දෙන බවයි.
එමෙන්ම එම ආයතනය පෙන්වා දෙන්නේ ලොව පුරා රටවල් ගණනාවක මෙම සැලැස්ම සාර්ථකව ක්‍රියාත්මක කරන නිසා තම ගනුදෙනුකරුවන් සඳහා ඉදිරියටත් ඉහළ මට්ටමේ සේවාවක් සැපයීමට බලාපොරොත්තු වන බවයි.