Latest News

වනිඳුගෙන් ලෝක වාර්තාවක්

Published 2 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග එකට එකක් ලෙස සම කරන්නට බංග්ලාදේශ කණ්ඩායමට ඊයේ (05) හැකියාව ලැබුණා.

ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති දෙවන එක්දින තරගය ලකුණු දහසයකින් ජයගනිමින්.

දෙවැනි එක්දින ක්‍රිකට් කාසියේ වාසිය බංග්ලාදේශ නායකයා දිනාගත් අතර, ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ, අනුව බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

අනතුරුව ලකුණු 249ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු 05ක් තුළ සියල්ල දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 232ක් පමණයි.

මේ අතර දෙරට අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී එක්දින තරග 12ක් ක්‍රීඩා කර ඇති අතර, ඉන් තරග 11ක් අඛණ්ඩව ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිව තිබුණා.

කෙසේ වෙතත් ඊයේ (05) පැවති 12 වන එක්දින තරගය ජයගත් බංග්ලාදේශය ශ්‍රී ලංකාව ප්‍රේමදාස පිටියේ පවත්වාගෙන ආ එම අඛණ්ඩ වාර්තා බිඳ දැමුවා.

මේ අතර මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග තවත් ලෝක වාර්තාවක් තමන් සතුකර ගත්තා.

ඒ, අඩුම එක්දින තරග සංඛ්‍යාවක දී එක්දින කඩුලු 100 සහ එක්දින ලකුණු දහස පසුකළ ක්‍රීඩකයා බවට පත් වෙමින්.

වනිඳු මෙම වාර්තාව පිහිටුවනු ලැබුවේ එක්දින තරග 65කට ක්‍රීඩා කරමින්.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක් විසින්.

World News