එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇති වූ ආරවුලෙන් සති කිහිපයකට පසු බිලියනපති ව්‍යාපාරික එලොන් මස්ක් නව දේශපාලන පක්ෂයක් දියත් කරන බව දැනුම් දී තිබෙනවා.
තම සමාජ මාධ්‍ය වේදිකාව වන එක්ස් හි සඳහන් කළේ තමා ඇමරිකා පක්ෂය පිහිටුවා ඇති බවත් එය රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් ද්විපක්ෂ ක්‍රමයට අභියෝගයක් වනු ඇති බවයි.
කෙසේ වෙතත් විදෙස් වාර්තා සඳහන් කරන්නේ එම පක්ෂය, එක්සත් ජනපද මැතිවරණ බලධාරීන් සමඟ විධිමත් ලෙස ලියාපදිංචි කර තිබේද යන්න පැහැදිලි නොමැති බවයි.
තවද එය මෙහෙයවන්නේ කවුරුන්ද යන්න හෝ එය කුමන ස්වරූපයක් ගනීද යන්න පිළිබඳ විස්තර මස්ක් විසින් තවමත් සපයා නොමැති බවයි වාර්තා වන්නේ.
ට්‍රම්ප් සමඟ ඇතිවූ ප්‍රසිද්ධ ආරවුල අතරතුර මස්ක් මුලින්ම පක්ෂයක් දියත් කිරීමේ අපේක්ෂාව මතු කළ අතර, එමඟින් ඔහු පරිපාලනයේ ඔහුගේ භූමිකාව අතහැර ඔහුගේ හිටපු සගයා සමඟ දරුණු මහජන ආරවුලක නිරත වුණා.
2024 මැතිවරණයේදී මස්ක් ට්‍රම්ප්ගේ ප්‍රධාන උපදේශකයෙකු වූ අතර, ට්‍රම්ප්ට නැවත ධුරය ලබාගැනීමට උපකාර කිරීම සඳහා මස්ක් ඩොලර් මිලියන 250ක් මැතිවරණය වෙනුවෙන් වියදම් කරනු ලැබුවා.