ගුවන් යානයක ආරක්ෂිතම ආසනය කුමක්ද යන්න මේ වනවිට විශේෂඥයින්ගේ බොහෝ කතාබහට ලක්වී තිබෙනවා.
ගුවන්ගත වීමෙන් මොහොතකට පසු කඩා වැටුණු එයාර් ඉන්දියා ගුවන් යානයේ සිටි මගියෙකු ආශ්චර්යමත් ලෙස දිවි ගලවා ගත්තා.
ඔහුගේ ආසනය වන 11A, ගුවන් යානයක ආරක්ෂිතම ආසනය ද යන්න පිළිබඳව විවාදයක් මේ වනවිට පවතිනවා.
පිටවීමේ දොරක් අසල වාඩි වී සිටීම අනතුරකදී පුද්ගලයෙකුගේ දිවි ගලවා ගැනීමේ අවස්ථා වැඩි කළ හැකි වුව ද විශේෂඥයන් පවසන්නේ 11A ආසනය සැමවිටම ආරක්ෂිතම ආසනය නොවන බවයි.
ගුවන් යානා ආකෘති එකිනෙකට වෙනස්වීම ඊට හේතුව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
එයාර් ඉන්දියා ගුවන් යානා අනතුරෙන් දිවි ගලවාගත් කුමාර් මෙන් පිටවීමේ දොරක් අසල වාඩි වී සිටීමෙන් ගුවන් යානයෙන් පිටතට යන පළමු අයගෙන් කෙනෙකු වීමට අවස්ථාවක් ලබා දෙන නමුත්, අනතුරකින් පසු සමහර පිටවීම් ක්‍රියාත්මක නොවන අවස්ථා ද පවතිනවා.
2007 වසරේ දී Popular Mechanics මගින් පළ කරන ලද අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ පසුපස ආසනවල සිටින මගීන්ට 40%ක වඩා වැඩි බේරීම් හැකියාවක් ඇති බවයි.
එහෙත් ගුවන් යානයේ හැසිරීමේ ආකාරය මත අනතුරකදී බේරීමේ හැකියාව රඳා පවතින බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.