Latest News

රෝයල් නර්සින් හෝම්, වසරේ විශිෂ්ටම පෞද්ගලික ගිලන් රථ සේවා ආයතනය ලෙස සම්මානයට පාත්‍ර වෙයි

Published 10 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඒෂියා මිරකල් 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම පෞද්ගලික ගිලන් රථ සේවා ආයතනය ලෙස රෝයල් නර්සින්හෝම් පෞද්ගලික සමාගම සම්මානයෙන් පිදුම් ලැබුවා.

සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂත් ලෙස පැවැත්වුණා.

2007 වර්ෂයේදී ආරම්භ කළ රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම 1600කට වැඩි හෙද කාර්ය මණ්ඩලයක් සේවය කරන ශ්‍රී ලංකාවේ විශාලම හා ප්‍රමුඛතම හෙද නිවාස ජාලය වන අතර ආයතනයේ ගිලන් රථ අංශය ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයක් සතු වැඩිම ගිලන් රථ සංඛ්‍යාවට හිමිකම් කියනවා.

2020 වර්ෂයේදී කොවිඩ් වසංගතය ආරම්භ වූ අවස්ථාවේ පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් තම ආයතනය සතු වූ දැඩි සත්කාර ඒකක පහසුකම් සහිත රුපියල් මිලියන 50ක වටිනාකමින් යුත් ගිලන් රථ දෙකක් සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කළ ශ්‍රී ලංකාවේ එකම පෞද්ගලික සෞඛ්‍ය සේවා ආයතනය වන්නේද රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගමයි.

සම්මාන උළෙලේදී සිදුවූ සුවිශේෂ සිදුවීමක් වන්නේ ආයතනයේ ආරම්භක සභාපති මනුජ හේවාවසම් මහතාගේ අදහසකට අනුව එම සම්මානයේ සැබෑ කොටස්කරුවන් වන ආයතනයට වසර ගණනාවක් සේවය කළ රියැදුරු මහත්වරුන් ආයතනය නියෝජනය කරමින් සම්මානය ගැනීමට වේදිකාවට පැමිණීමයි.

එය සම්මාන උළෙලට සහභාගී වූ සියලු දෙනාගේම ප්‍රසංශාවට ලක් වුණා.

World News