Latest News

රෝමයේ ඉන්ධන පිරවුම්හළක දැවැන්ත පිපිරීමක් (VIDEO)

Published 3 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රෝමයේ නැගෙනහිර දිස්ත්‍රික්කයක ඉන්ධන පිරවුම්හලක සිකුරාදා සිදු වූ දැවැන්ත පිපිරීමකින් පොලිස් නිලධාරීන් 12 දෙනෙකු සහ ගිනි නිවන භටයින් හය දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 45 දෙනෙකු තුවාල ලැබූ බව ඉතාලි බලධාරීන් පැවසුවා.

ප්‍රෙනෙස්ටිනෝ හි කම්කරු පන්තියේ අසල්වැසි ප්‍රදේශයක මෙම පිපිරීම සිදුව තිබුණා.

පිපිරීමෙන් පීඩාවට පත් පුද්ගලයින් ප්‍රාදේශීය රෝහල්වල ප්‍රතිකාර ලබන බව ඉතාලි ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කළ අතර, පුළුල් පිළිස්සුම් තුවාල හේතුවෙන් දෙදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.

Rome Today වෙබ් අඩවිය විසින් අහසට ඉහළට නැඟෙන විශාල ගිනිදැල් සහ දුමාර බෝලයක් පිළිබඳ ඡායාරූපයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ගිනි නිවන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වෙනම රූපවලින් ඉන්ධන පිරවුම්හල සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බව පෙන්නුම් කළා.

ට්‍රක් රථයක් ඉන්ධන පිරවුම්හලේ නල මාර්ගයක ගැටීමෙන් පසු, ගිනි නිවන භටයින් සහ ගිලන් රථ සේවකයින් මීට පෙර එම ස්ථානයට කැඳවා තිබූ බැවින් පිපිරීමට හසු වූ බවයි ඉතාලි මාධ්‍ය පැවසුවේ.

රෝම නගරාධිපති රොබර්ටෝ ගුල්ටියරි එම ස්ථානයේ සිට වාර්තාකරුවන්ට මේ බව සඳහන් කර තිබෙනවා.

ඉන්ධන ටැංකි නැවත පිරවීමේ මෙහෙයුම් අතරතුර සිදුවූ සිද්ධියක් බවට සැක කරන බවත් එහිදී ගෑස් කාන්දුවක් ඇති වූ බවත්, පසුව ගින්නක් සහ පිපිරීමක් ඇති වූ බවටයි සැක කෙරෙන්නේ.

World News