ග්‍රීසියට අයත් ක්‍රීට් දූපතේ නැගෙනහිර ප්‍රදේශයේ දී විශාල වනාන්තර ගින්නක් ඇතිවී ඇති අතර, එම ගින්නෙන් බේරීමට දහස් ගණනක් පිරිසක් කඩිනමින් ඉවත් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉතා තද සුළං හේතුවෙන් ගින්න තවත් ව්‍යාප්තවී ඇති අතර, ගිනිනිවීමේ මෙහෙයුම් ද බරපතල ලෙස බාධා වී තිබෙනවා.
මේ හේතුවෙන් බොහෝ නිවාස, ව්‍යාපාරික ස්ථාන සහ හෝටල් දැඩි ලෙස හානි වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
මෙම ගින්න ක්‍රීට් දූපතේ අච්ලියා ප්‍රදේශයේ ඇතිවූ අතර, වනාන්තර හා කඳුකර භූමීන් හරහා වේගයෙන් පැතිරෙමින් පවතින බවද සඳහන්.
දැනටමත් පුද්ගලයින් 5,000ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යවා ඇති අතර, ඔවුන්ගෙන් බහුතරය තාවකාලිකව නවාතැන් ගනිමින් සිටි විදේශීය සංචාරකයින් වන බවයි වාර්තා වන්නේ.
බලධාරීන් පවසන්නේ වෙරළබඩ සහ අභ්‍යන්තර ප්‍රදේශවල පිහිටි නිවාස, ව්‍යාපාර, වනාන්තර සහ හෝටල් විශාල ලෙස විනාශ වී ඇති බවයි.
