සෝමාලියාවේ සාම සාධක මෙහෙයුමකට එක්වී සිටි උගන්ඩාවට අයත් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අනතුරින් එහි ගමන්ගත් පුද්ගලයන් පස්දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අනතුරට ලක්වන විට එහි හමුදා නිලධාරීන් අටදෙනකු සිට ඇති අතර , තිදෙනකු තුවාල ලබා ජීවිත බේරා ගැනීමට සමත්වූ බව එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
සෝමාලියාවේ මොගඩිෂු අගනුවර අඩේන් අඩේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට සූදානම් වෙද්දී මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.