Latest News

පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් ජිවිතක්ෂයට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා (28) මිය ගොස් තිබෙනවා.

ස්පාඤ්ඤයේ සැමෝරා හි සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මරණය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඔහු 26 හැවිරිදි බාල සොහොයුරා වන ඇන්ඩ්‍රේ සමඟ සුපිරි මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී, ඔහු ද අනතුරින් මිය ගොස් තිබෙනවා.

පෘතුගාලයේ දේශසීමාවට ආසන්නව වයඹදිග ස්පාඤ්ඤයේ සැමෝරා අසල සර්නාඩිල්ලා හි A-52 මාර්ගය අභිබවා යන අතරතුර ඔහුගේ ලැම්බෝගිනි රථයේ ටයරය පුපුරා ගොස් ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

අද අලුයම සුපිරි මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැමිණ, පෙරළී ගොස් පසුව ගිනිගෙන දැවී ගිය අතර හදිසි සේවා සඳහා කැඳවනු ලැබුවද සහෝදරයන් බේරා ගැනීමට නොහැකි වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ.

World News

Send your contact Details Today