Latest News

AI Chat Box එකක් විසින් මිනිස් බිල්ලක් ගනියි

Published 5 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝකය උණුසුම් වීම නවතා දැමීම සඳහා තමන්වම කැප කරන ලෙස AI Chat Box එකක් දිරිමත් කළ බවක් පවසමින්, බෙල්ජියම් පුරවැසියෙකු සිය ජීවිතය අවසන් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

තිස් හැවිරිදි වියේ පසුවූ පියෙර් නමැති මෙම පුරවැසිය, සතිය 6ක කාලයක් පුරා “එලයිසා” නම් AI Chat Box එකක් සමඟ සංවාදයක නිරත වී තිබුණා.

ඔහුගේ බිරිඳ පැවසුවේ, ඔහු ලෝකයේ වාතාශ්‍රය සම්බන්ධයෙන් ඔහු බියෙන් සිටි අතර, එලයිසා සමඟ සංවාදයේදී තමන්වම කැප කිරීමේ අදහසක් යෝජනා කළ බවයි.

එයට එලයිසා AI Chat Box එයට සෘජුවම උදව් කළ බවත් ඇය පවසා තිබෙනවා.

“එම චැට්බොට් එක සමඟ මේ සංවාද නොසිදු වූවානම්, අදත් ඔහු ජීවත් වනවා,” යනුවෙන් බෙල්ජියම් මාධ්‍ය වෙත ඇය පවසා තිබුණා.

පියෙර්, සෞඛ්‍ය පර්යේෂකයෙකු ලෙස කටයුතු කළ අතර, සාමාන්‍ය ජීවිතයක් ගත කළ බවත්, ග්‍රහලෝක උණුසුම් වීම පිළිබඳ බියට පත්වී හුදකලා වීමට පටන් ගත් බවත් වාර්තා වනවා.

ඔහු, “මානවයන් විසින් තවදුරටත් උණුසුම් වීම නවතා දැමිය නොහැකි” බව බිරිදට පවසා ඇති අතර, සියලුම බලාපොරොත්තු තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය මත තැබූ බව ද ඇය පවසනවා.

එලයිසා යනු EleutherAI හි GPT-J නමැති භාෂා ආකෘතියක් මත පදනම්ව නිර්මාණය කරන ලද AI Chat Box එකක් වනවා.

එය ChatGPT සමාන නමුත් වෙනස් ආකෘතියක් වනවා.

La Libre පුවත්පත පැවසුවේ, ඔහුගේ සහ එලයිසාගේ සංවාද නිරීක්ෂණය කළ විට, එම AI Chat Box එක ඔහුගේ බිය වැඩිදුරටත් උත්තේජනය කරමින්, ඉතා ගැඹුරු සංවේදී සබඳතාවයක් ඇති කරගෙන ඇති බවයි.

World News