Latest News

වවුලන්ගෙන් වැළඳුණ වෛරසයක් නිසා පුද්ගලයෙකු ජිවිතක්ෂයට

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Australian Bat Lyssa Virus නම් වෛරසය වැළඳීමෙන් ඔස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

වයස අවුරුදු 50ක් වූ මෙම පුද්ගලයා මාස කිහිපයකට පෙර වවුලෙකු සපාකෑම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි බවයි NSW සෞඛ්‍ය අංශය සඳහන් කළේ.

මොහු වෛරසය වැළදුණ සිව්වන රෝගියා ලෙස ද හඳුනාගෙන තිබෙනවා.

එසේම මෙම වෛරසයට තවමත් ඵලදායී ප්‍රතිකාරයක් නොමැති බවද NSW සෞඛ්‍ය අංශය ප්‍රකාශ කරනවා.

Australian Bat Lyssa වෛරසය ජලභීතිකා රෝගයට සමාන ආසාදනයක් ලෙසද හඳුනාගෙන තිබෙනවා.

ආසාදිත වවුලන්ගෙ සපාකෑමට හෝ සීරීමකට ලක්වෙන පුද්ගලයින්ට මෙම වෛරසය වැළදෙන අතර එමඟින් මධ්‍යම ස්නායු පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වනවා.

World News

Send your contact Details Today