Latest News

✅ 𝗙𝗔𝗖𝗧 𝗖𝗛𝗘𝗖𝗞𝗘𝗗: AliExpress සේවාව ශ්‍රී ලංකාවට අත්හිටුවා තිබේද? – ඇත්ත නැත්ත මෙන්න

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අලිඑක්ස්ප්‍රස් (Aliexpress) සේවාව ශ්‍රී ලංකාවට සිදුකරන භාණ්ඩ බෙදාහැරීම අත්හිටුවා ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන වාර්තා හේතුවෙන් බොහෝ දෙනෙකු අතර දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

කෙසේ වෙතත්, සිදුකරන ලද සොයා බැලීමක දී තහවුරු වූයේ එම සේවාව මෙරට තුළ තවදුරටත් ක්‍රියාත්මක වන නමුත්, එහි මෙහෙයුම් ක්‍රමවේදයේ යම් යම් වෙනස්කම් සිදුව ඇති බවයි.

විශේෂයෙන්ම, පාරිභෝගිකයන්ට මෙතෙක් ලැබුණු “නොමිලේ නැව්ගත කිරීමේ” (Free Shipping) අවස්ථාව බොහෝ භාණ්ඩ සඳහා අහිමි වී ඇති අතර, නැව් ගාස්තු අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබීම කැපී පෙනෙන කරුණක් වනවා.

ඇතැම් අවස්ථාවලදී භාණ්ඩයේ වටිනාකම මෙන් කිහිප ගුණයක් වන නැව් ගාස්තුවක් ගෙවීමට සිදුවීම පිළිබඳව පාරිභෝගිකයෝ සිය අප්‍රසාදය පළ කරනු ලබනවා.

පෙරදී නොමිලේ නැව්ගත කිරීමේ පහසුකම යටතේ භාණ්ඩ ගෙන්වූව ද, දැන් නැව් ගාස්තු රහිත භාණ්ඩවල මිල ඉහළ දමා හෝ නැව් ගාස්තු සමග වන මුළු වටිනාකම අධික ලෙස ඉහළ දමා තිබෙනවා.

නව රේගු බදු ප්‍රතිසංස්කරණ හේතුවෙන් ලාභදායී දේශසීමා බෙදාහැරීමේ මාර්ග වෙත ප්‍රවේශය අවහිර කර ඇති නව රේගු බදු ප්‍රතිසංස්කරණවලින් පසුව Ali Express විසින් පාකිස්තානයට ද නැව්ගත කිරීමේ විකල්ප කිහිපයක් නවතා දමා තිබෙනවා.

ඒ අනුව පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ඇතුළු ගමනාන්ත මාර්ග සඳහා නොබැඳි සැකසුම් ආරම්භ කර ඇති බව කියමින් මේ ගැන විකුණුම්කරුවන්ට පණිවිඩයක් නිකුත් කරමින් AliExpress තහවුරු කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇතිවූ මෙම තත්ත්වයට හේතුව ලෙස සමාජ මාධ්‍ය තුළ මත පළවූයේ ශ්‍රී ලංකා රේගුව විසින් මාර්ගගත ක්‍රමයට ගෙන්වන භාණ්ඩ සඳහා වන බදු ඉහළ දැමීමක් සිදුකර ඇති බවයි.

ඒ පිළිබඳව කරුණු පැහැදිලි කළ රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ, රේගුව මගින් භාණ්ඩ නැවැත්වීමක් හෝ බදු ඉහළ දැමීමක් සිදුකර නොමැති බවයි. සිදුව ඇත්තේ, මෙතෙක් කල් ඉහළ පරිමාව හේතුවෙන් නිසි පරිදි ක්‍රියාත්මක නොවූ, නීතියෙන් නියමිත නිවැරදි බදු මුදල අය කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම බවයි ඔහු අවධාරණය කළේ.

මෙම ක්‍රමය අනිසි ලෙස භාවිත කරන බව නිරීක්ෂණය වීමෙන් අනතුරුව, මාස එකහමාරක පූර්ව දැනුම් දීමකින් පසුව මෙම නව විධිමත් ක්‍රියාවලිය සති දෙකකට පෙර ආරම්භ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.

නියමිත බදු මුදල් ගෙවන ඕනෑම අයෙකුට කිසිදු බාධාවකින් තොරව භාණ්ඩ නිදහස් කරගත හැකි අතර, ඒ සඳහා පාරිභෝගිකයා පෞද්ගලිකව රේගුව වෙත පැමිණීම අවශ්‍ය නොවන බවත්, අදාළ බෙදාහැරීමේ ආයතන විසින් එම නිෂ්කාශන කටයුතු සිදුකරනු ලබන බවත් ඔහු පැහැදිලි කළා.

මේ අතර කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ද සිය නිල Facebook ගිණුම ඔස්සේ ඒ පිළිබඳව සටහනක් තබමින් සිය අවධානය යොමුකර තිබුණා. එය පහතින්…

World News