Latest News

පැසිෆික් දූපතකට අලුත් Visa බලපත්‍රයක්

Published 5 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කුඩා පැසිෆික් දූපතක් වන Tuvalu දූපත් වැසියන්ට පහසුවෙන් වීසා ලබාදීමට ඔස්ට්‍රේලියාව සූදානම් වනවා.

මුහුදු මට්ටම ඉහළයාම සහ දේශගුණික විපර්යාසවල බලපෑම් හේතුවෙන් Tuvalu ජනතාවගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් ඔස්ට්‍රේලියානු වීසා සඳහා අයදුම් කිරීමට පෙළඹී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව විශේෂ වීසා වැඩසටහනක් වෙනුවෙන් ෆෙඩරල් රජය පසුගිය ජූනි 16 වනදා දෙරට අතර ගිවිසුමකට එකඟතාවය පළකළා.

මෙම වීසා බලපත්‍රය මගින් සෑම වසරකම Tuvalu ජාතිකයින් 280 දෙනෙකුට ඔස්ට්‍රේලියාවේ ජීවත්වීමට, වැඩ කිරීමට සහ අධ්‍යාපනය ලැබීමට ඉඩ සැලසෙනවා.

නවතම නිල සංඛ්‍යාලේඛනවලට අනුව, ඉරිදා වන විට වීසා සඳහා පුද්ගලයින් 1,124 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, ඊට පවුල් සාමාජිකයින් 4,052 ක් ඇතුළත් වනවා.

මේ අතර විද්‍යාඥයින් පවසන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් පැසිෆික් දූපත් වසර 80 ක් ඇතුළත ජනාවාස කළ නොහැකි තත්ත්වයට පත් විය හැකි බවයි.

කෙසේවෙතත් Pacific Island රටවල්වල් සහ Timor-Leste වෙතින් වීසා අයදුම්කරන්නන් සඳහා ඉහළ නංවන ලද වීසා ගාස්තුවලින් නිදහස් කිරීමටයි ඔස්ට්‍රේලියා බලධාරීන් ඊයේ කටයුතු කළේ.

World News