Latest News

තවත් බෝයින් 737 ගුවන් යානයක් විනාඩි 10ක කාලයකින් අඩි 26,000ක් පහළට වැටෙයි (VIDEO)

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තවත් බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානයක් මිනිත්තු 10ක කාලයක් තුළ අඩි 26,000ක් පහළට වැටීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ චීනයේ ෂැන්හයි නුවර සිටි ජපානයේ ටෝකියෝ බලා පියාසර කරමින් පැවති ජපානයේ ස්ප්‍රින්ග් ගුවන්සේවයට අයත්, බෝයිං 737 යානයක්.

එම යානය අඩි 36,000ක උසක සිට අඩි 10,500ක උසක් දක්වා වේගයෙන් පහළට ගමන්කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එහිදී යානාය අභ්‍යන්තරයේ පීඩනය පහත වැටී යානයේ සිටි මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට පත්වූ අතර මෙම සිදුවීමට හේතුව මෙතෙක් වාර්තා වී නැහැ.

කෙසේ නමුත් යානය සාර්ථකව ජපානයේ කන්සායි ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වීමට නියමුවන් සමත්ව තිබුණා.

World News

Send your contact Details Today