Latest News

අධික උණුසුමෙන් ඉතාලියේ දෙදෙනෙකු ජිවිතක්ෂයට

Published 6 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ස්පාඤ්ඤයෙන් හා එංගලන්තයෙන් අධික උණුසුමක් වාර්තා වනවා.

ස්පාඤ්ඤයේ හා එංගලන්තයේ මෙතෙක් වාර්තා වූ උණුසුම්ම කාලගුණය පසුගිය ජුනි මාසයේදී සටහන්ව තිබෙනවා.

ස්පාඤ්ඤ කාලගුණ සේවය වන ඒමෙට් පැවසුවේ ජුනි මාසය තුල එරට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 23.6ක පැවැති බවයි.

එමෙන්ම එංගලන්ත කාලගුණ විද්‍යා කාර්යාලය පැවසුවේ ජුනි මාසයේ සාමාන්‍ය උෂ්ණත්වය ද සෙල්සියස් අංශක 16.9ක පැවති බවයි.

එක්සත් රාජධානියේ 1884 වසරෙන් පසු වාර්තා වූ දෙවන උණුසුම්ම ජුනි මාසය ද පසුගිය මාසය බව සඳහන් වනවා.

කෙසේ වෙතත් පෘතුගාලයේ ජුනි මාසය සඳහා වාර්තාගත දෛනික උෂ්ණත්වය සෙල්සියස් අංශක 46.6ක් වුණා.

තුර්කියේ ද ලැව්ගිනි හේතුවෙන් දස දහස් ගණනක් පුද්ගලයින් ඉවත් කිරීමට සිදු වූ අතර අධික උණුසුමින් ඉතාලියේ දෙදෙනෙකු මිය ගියා.

මේ අතර ඉතාලියේ උතුරේ ෆ්‍රෙජස් ගඟ ගංවතුරෙන් පසු සඳුදා එක් අයෙකු දියේ ගිලී මිය ගිය අතර, බොලොග්නා අසල ඉදිකිරීම් ස්ථානයක වැඩ කරමින් සිටි 47 හැවිරිදි පුද්ගලයෙකු කොන්ක්‍රීට් වත් කිරීමකදී මිය ගියා.

ස්පාඤ්ඤය, පෘතුගාලය, ප්‍රංශය සහ එක්සත් රාජධානියට පවා පහර දෙමින් ප්‍රධාන තාප තරංගයක් ඇති කිරීම හේතුවෙන් මෙම මරණ දෙක සිදු වූ බවයි වාර්තා වන්නේ.

ටියුරින් අසල කඳුකර සංචාරක නිකේතනයක් වන බාර්ඩොනෙචියා හි සඳුදා අධික වර්ෂාව හේතුවෙන් ෆ්‍රෙජස් ගඟ ගංවතුරට ලක් වූ අතර එමඟින් ජලය සහ මඩ ප්‍රාදේශීය මාර්ගවලට ගලා ගියා.

වාර්තාවලට අනුව, 70 හැවිරිදි බාර්ඩොනෙචියා පදිංචිකරු තම වෑන් රථයෙන් බැසීමට උත්සාහ කිරීමෙන් පසු දියේ ගිලී මිය ගොස් තිබෙනවා.

බලධාරීන් පදිංචිකරුවන්ගෙන් සහ නිවාඩු ගත කරන්නන්ගෙන් ෆ්‍රෙජස් ඉවුර තුළ සහ ඉන් ඈත්ව සිටින ලෙස ඉල්ලා සිටිනවා.

World News