අමරිකාව ලබාදී ඇති තීරු බදු සහනය අවසන්වීමට දිනයට පෙර ජපානය ගිවිසුම්ගත නොවන්නේ නම් ඔවුන්ට එරෙහිව සියයට 30 හෝ 35 ක තීරු බදු පනවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අගවනවා.
ට්‍රම්ප් සිය දෙවන ජනාධිපති ධුර කාලය ඇරඹීමෙන් පසුව අප්‍රේල් මස 02 වනදා රටවල් රැසකට අධික තීරු බදු පනවනු ලැබුවා.
එහිදී ජපානයට සියයට 24 ක තීරු බද්දක් පනවන බවයි ඔහු ප්‍රකාශ කළේ.
මෙවන් තත්ත්වයක් හමුවේ බොහෝ වෙළද හවුල්කරුවන්ට වොෂිංටනය සමග සාකච්ඡා කිරීමට කාලය ලබාදීම සදහා දින 90 ක විරාම කාලයක් ප්‍රකාශයට පත්කළ අතර එය මේ මස 09 වනදායින් අවසන් වනු ඇති.
ඒ සම්බන්ධයෙන් ඊයේ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ මෙම කාලය යළි දීර්ඝ කිරීමට අදහසක් නොමැති බවයි.