Latest News

ගාසා තීරයේ සටන් විරාමය ගැන ට්‍රම්ප්ගෙන් දැනුම්දීමක්

Published 13 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය හා පලස්තීනය අතර ඇති ව තිබෙන දරුණු ගැටුම් හේතුවෙන්, එය සමථයකට පත් කර දින 60ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම සටන් විරාමය සඳහා ඊශ්‍රායලයට පැනවූ කොන්දේසිවලට ඔවුන් එකඟ වී ඇති බවට ට්‍රම්ප් කාර්‍යාලය දැනුම්දී ඇති බවයි.

නමුත් මෙම සටන් විරාමයට හමාස් සංවිධානය තවමත් නිල ප්‍රතිචාරයක් දක්වා නැහැ.

මෙම සටන් විරාමයට වහාම හමාස් සංවිධානය එකඟ විය යුතු බව Truth social හි සටහනක ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා.

ට්‍රම්ප් එම සටහනේ දක්වා ඇත්තේ මෙවැන්නක්…

“මගේ නියෝජිතයින් අද ගාසා තීරය සම්බන්ධයෙන් ඊශ්‍රායල ජාතිකයන් සමඟ දිගු හා ඵලදායී රැස්වීමක් පැවැත්වූවා,දින 60 ක සටන් විරාමයක් සඳහා අවශ්‍ය කොන්දේසිවලට ඊශ්‍රායලය එකඟ වී ඇති අතර, එම කාලය තුළ අපි යුද්ධය අවසන් කිරීමට සියලු පාර්ශ්වයන් සමඟ කටයුතු කරන්නෙමු. සාමය ගෙන ඒමට උදව් කිරීමට ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළ කටාර් සහ ඊජිප්තුවරුන් මෙම අවසාන යෝජනාව ඉදිරිපත් කරනු ඇත. මැද පෙරදිග යහපත සඳහා, හමාස් මෙම ගිවිසුම ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි” යනුවෙන්.

කෙසේ හෝ හමාස් මෙම සටන් විරාමයට එකඟ නොවුණහොත් තත්ත්වය නරක අතට හැරෙන බව ද ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.

World News