2025 ෆෙඩරල් අයවැයේ සංශෝධනවලට අනුව අද සිට ශිෂ්‍ය වීසා ගාස්තු ඉහළයාම ක්‍රියාත්මක වනු ලබනවා.
අයවැයෙන් ප්‍රකාශයට පත්කළ පරිදි වීසා අයදුම්පත් ගාස්තුවලින් බහුතරයක් 3% කින් වැඩි වනු ඇති.
ඒ අනුව Subclass 500 (Student) visa සහ Subclass 590 (Student Guardian) visa සඳහා මූලික අයදුම්පත් ගාස්තුව ඩොලර් 1,600 සිට ඩොලර් 2,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.
රජයේ Building Australia’s Future සැලැස්මට අනුව ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර අධ්‍යාපන පද්ධතියට සහාය වීමේ අරමුණින් ගාස්තු ඉහළ නැංවූ බවයි රජය පවසන්නේ.
කෙසේවෙතත් Pacific Island රටවල්වලට සහ Timor-Leste වෙතින් වීසා අයදුම්කරන්නන් මෙම ඉහළ නංවන ලද ගාස්තුවලින් නිදහස් කර තිබීම සුවිශේෂී වනු ඇති.
පසුගියදා ෆෙඩරල් රජය කියාසිටියේ මෙම ශිෂ්‍ය වීසා ගාස්තු ඉහල දැමීමට ගත් තීරණයෙන් ඉදිරි අයවැයට ඩොලර් බිලියනයක ඉතිරියක් කිරීමට හැකි බවයි.