Latest News

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ඉහළයාමෙන් වාර්ෂික බස් ගාස්තු සංශෝධනය කල් යයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ලංකා සුදු ඩීසල්, ලංකා භූමිතෙල්, ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් හි මිල ඉහළ ගොස් ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම නව ඉන්ධන මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රී 12 සිට බලාත්මක වනු ඇති.

ඒ අනුව නව ඉන්ධන මිල ගණන් පහත පරිදි වනවා…

මේ අතර ඉන්ධන මිල සංශෝධනයත් සමඟ අද (01) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය ක්‍රියාත්මක නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන සඳහන් කළේ ජාතික ගමනා ගමන කොමිසම රැස් වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණක් ගැනීමට නියමිත බවයි.

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කළ අතර, ඒ අනුව එම මිල වැඩිවීම බස් ගාස්තු සංශෝධනය හා ගැලපිය යුතු බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව මීට පෙර සඳහන් කළේ අද (01) සිට 2.5%ක බස් ගාස්තු අඩු වීමක් සිදුකරන බවයි.

World News

Send your contact Details Today