Latest News

නිව්යෝර්ක්වලදී වෙඩි තැබීමක් සිදු කර කැනඩාවට පළාගිය ISIS සැකකරුට සිදු වූ දේ

Published 15 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙ­රි­කාවේ නිව්යෝර්ක් නුවර යුදෙව් ජාති­ක­යන්ගේ සම­රු­වක් ඉලක්ක කර­මින් වෙඩි ප්‍රහා­ර­යක් එල්ල කර කැන­ඩා­වට පලා ගිය පාකි­ස්තාන ජාති­කයා එරට පොලී­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන යළි අමෙ­රි­කා­වට භාර දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හමාස් සංවි­ධා­නය විසින් ඊශ්‍රා­ය­ල­යට ප්‍රහාර එල්ල කිරීමේ පළමු සංව­ත්ස­රය සැමැ­රී­මට පසු­ගිය වසරේ ඔක්තෝ­බ­රයේ පැවැති එම සැම­රුම් උත්ස­ව­යට වෙඩි ප්‍රහා­රය එල්ල කර ඇත්තේ මුහ­ම්මද් ෂබ්සාබ් ඛාන් නමැති 20 හැවි­රිදි තරු­ණ­යකු වන අතර, ඔහු ත්‍රස්ත සංවි­ධා­නයේ සාමා­ජි­ක­යකු බවයි වාර්තා වන්නේ.

කැන­ඩාවේ පුර­වැ­සි­භා­වය ලැබු­වකු වන අදාළ සැක­කරු නිව්යෝර්ක් ප්‍රහා­ර­යෙන් පසු යළි කැන­ඩා­වට පලා ගොස් සැඟවී සිටි­යදී අත්අ­ඩං­ගු­වට පත්වී ඇති අතර, ඔහුට එරෙ­හිව ත්‍රස්ත පනත යටතේ නඩු පැවැ­රී­මට අමෙ­රි­කාවේ නීති දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළා.

පසු­ගිය දශක 3ක කාලයේ අමෙ­රි­කාවේ සිදුවූ විවිධ ත්‍රස්ත ක්‍රියා­කා­ර­ක­ම්ව­ලට පාකි­ස්තාන ජාති­ක­යන් වර­ද­ක­රු­වන් වී ඇති අතර, වසර 1993දී වර්ජි­නියා ප්‍රාන්තයේ පිහිටි සීඅ­යිඒ මූල­ස්ථා­න­යට වෙඩි ප්‍රහා­ර­යක් එල්ල කර මවුබි­මට පලා ගිය පාකි­ස්තාන ජාති­ක­යකු 1997දී අත්අ­ඩං­ගු­වට පත්වී නැවත අමෙ­රි­කා­වට භාර දී ඇති අතර, 2002 වස­රේදී ඔහුට මරණ දඬු­වම නියම වූ බව ද වාර්තා වනවා.

World News