Latest News

උතුරු ගාසා තීරයේ වැසියන්ට ඊශ්‍රායලයෙන් විශේෂ නියෝගයක්

Published 8 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ වැසියන්ට ඉවත්වන ලෙස නියෝග කර තිබෙනවා.

ඒ සටන් විරාමයක් සඳහා යොමු වන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කෙරෙන බල කිරීම් අතරතුරයි.

අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සටන් විරාම ගිවිසුමක් සඳහා යොමු වන ලෙස ඊශ්‍රායලයට බලකර තිබෙනවා.

මේ හේතුවෙන් හමුදා ක්‍රියාමාර්ග වැඩි කිරීමට පෙර ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ සමහර ප්‍රදේශවලින් පලස්තීනුවන්ට ඉවත් වන ලෙස නියෝග කර තිබෙනවා.

මේ අනුව ගාසා නගරය සහ ජබාලියා හරහා අසල්වැසි ප්‍රදේශවල ජනතාවට අල්-මවාසි වෙරළබඩ ප්‍රදේශය දෙසින් දකුණට යන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වනවා.

ගතවූ පැය 24 තුළ ඊශ්‍රායල ප්‍රහාරවල ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයින් 86 දෙනෙකු මිය ගිය බව හමාස් සංවිධානය පවසනවා.

අල්-මවාසි හි ආරක්ෂිත කලාපයට එල්ල වූ ප්‍රහාරයකින් මියගිය අය අතර ළමයින් තුන් දෙනෙකු සිටින බව ද වාර්තා වනවා.

World News