දුම්පානය සම්බන්ධයෙන් ප්‍රංශය කලක සිට ක්‍රියාත්මක කර තිබෙන නීති තවදුරටත් දැඩිකරමින් උද්‍යාන, වෙරළ සහ පාසල් අසල ඇතුළු ස්ථාන කිහිපයක දුම්පානය තහනම් කර තිබෙනවා.
ඒ අනුව ඊයේ (28) ප්‍රකාශයට පත්කරන ලද මෙම නීති මාලාව ජූලි 1 වනදා සිට බලාත්මක බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
එතැන් සිට ප්‍රංශයේ සියලුම උද්‍යාන සහ ක්‍රීඩා භූමි, වෙරළ තීරයන් සහ බස් නැවතුම්පොළවල, සියලුම පාසල් අවට, දරුවන් ප්‍රසිද්ධියේ එක්රැස්වන සැම තැනක දුම්පානය තහනම් වනු ඇති.
ප්‍රංශ සෞඛ්‍ය අංශයන්හි මැදිහත්වීම මත 2007 වසරේ සිට එරට අවන්හල්, බාර් සහ පොදු ස්ථානවල දුම්පානය තහනම් වන අතර, දිගින් දිගටම දුම්වැටි සඳහා පනවන බදු ඉහළ දමමින් සිටිනවා.
අද වනවිට ප්‍රංශයේ සාමාන්‍ය දුම්වැටි පැකට්ටුවක මිල යුරෝ 12 (රුපියල් 4,215කට වැඩි)ක් පමණ වනවා.
යුරෝපයේ වැඩිම දුම්පානය කරන රටවල් අතර ඉහළින් සිටින රටක්වන ප්‍රංශයේ වැඩිහිටි පුද්ගලයන්ගෙන් 30%කට වඩා තවමත් දුම්වැටි පානය කරනු ලබනවා.
එමෙන්ම ප්‍රංශයේ දිනකට දුම්කොළ ආශ්‍රිත රෝගවලින් 200කට වැඩි පිරිසක් මියයන බව හෙළිවී ඇති අතර, වසරකට එම අගය 75,000කට වැඩි වනවා.
කෙසේ වෙතත් E-Cigarettes මෙම නව තහනමෙන් නිදහස් කර නැහැ.
ප්‍රංශයට අමතරව බ්‍රිතාන්‍යය සහ ස්වීඩනයේද පොදු ස්ථානවල දුම්පානය කිරීමේ රෙගුලාසි දැඩි කර තිබෙනවා.
එමෙන්ම ස්පාඤ්ඤය ද එරට ආපනශාලා, අවන්හල් එළිමහල් භූමිවල දුම්පානය තහනම් කිරීමට නීති සකසමින් සිටින බවයි වාර්තා වන්නේ.