බර අඩු කර ගැනීම සඳහා යොදා ගන්නා එන්නත් හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවන්නේ එවැනි එන්නත් භාවිතයෙන් සිරුරේ අවයව විනාශ කරන අතුරු ආබාධ ඇති වන බවයි.
බ්‍රිතාන්‍යයේ බර අඩු කිරීම සඳහා භාවිතා වන ප්‍රසිද්ධ එන්නත් (weight loss jabs) හේතුවෙන් මරණ 100 කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට වාර්තා වී ඇති බව නිල දත්ත පෙන්වා දෙනවා.
ඉන් දෙදෙනෙකු වයස අවුරුදු 20 ට අඩු පුද්ගලයන් වීම විශේෂත්වයක්.
බොහෝ මරණවලට හේතුවී ඇත්තේ පසුගිය වසර කිහිපය තුළ අනුමත කළ Mounjaro සහ Ozempic වැනි බර අඩු කරන එන්නත් බවයි එක්සත් රාජධානියේ ඖෂධ සහ සෞඛ්‍ය සේවා නිෂ්පාදන නියාමන ඒජන්සිය (Medicines and Healthcare Products Regulatory Agency (MHRA)) පවසන්නේ.
මෙම එන්නත් භාවිතා කරන පුද්ගලයින්ගෙන් අවම වශයෙන් 10 දෙනෙකු අග්න්‍යාශයේ මාරාන්තික දැවිල්ලක් (pancreatitis) හේතුවෙන් මියගොස් ඇති බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.
මෙම තත්ත්වය නිශ්චිත ජාන සහිත රෝගීන්ට බලපාන්නේ දැයි විමර්ශනය කරන බවයි නිලධාරීන් සඳහන් කර ඇත්තේ.