Latest News

පෙනහළු පිළිකා හඳුනාගැනීමට රොබෝ කෙනෙක් (VIDEO)

Published 16 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පෙනහළු පිළිකා පූර්ව අවධියේ දී හඳුනාගැනීමේ නව තාක්ෂණික උපකරණයක් නිපදවා තිබෙනවා.

බ්‍රිස්බේන්හි නිෂ්පාදිත එය ION නැමති රොබෝවක් වනවා.

බයොප්සි (Biopsy) සිදු කරන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් රෝගීන්ගේ ආයු කාලය වැඩි කිරීමට මෙම රොබෝව උපකාරී වී තිබෙනවා.

රාජකීය බ්‍රිස්බේන් සහ කාන්තා රෝහලේ (RBWH) උරස් වෛද්‍ය ඩේවිඩ් ෆීල්ඩින් (David Fielding) පවසන්නේ මෙය සම්පූර්ණයෙන්ම ක්‍රමය වෙනස් කරන (Game Changer) මෙවලමක් බවයි.

රොබෝව යොදා ගනිමින් කුඩා ස්ථාන වෙත නිවැරදිව ළඟා වීමේ හැකියාව වැඩි කර ඉන් බයොප්සි හරහා ගැඹුරු දත්ත ලබාගත හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

CAT ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසුව එය ක්‍රියාත්මක වන අතර, පසුව පෙනහළු හරහා Virtual මාර්ගයක් සිතියම්ගත කර සැබෑ ශ්වසන මාර්ගය හරහා වෛද්‍යවරුන් බයොප්සි ස්ථානයට ළඟා වීමට යොමු කරනු ලබනවා.

රෝගීන් 170 කට වැඩි පිරිසක් දැනටමත් මෙම තාක්‍ෂණයෙන් ප්‍රතිලාභ ලබාගෙන තිබෙනවා.

මූලික ප්‍රතිඵලවලින් පෙන්නුම් කර ඇත්තේ රොබෝව පෙර බයොප්සි ක්‍රමවලට වඩා දෙගුණයක් නිවැරදි බවයි.

World News