Latest News

පාසලක ඇති වූ තෙරපීමකින් සිසුන් 29 දෙනෙකු ජීවිතක්ෂයට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මධ්‍යම අප්‍රිකා ජන රජයේ පාසලක ඇතිවූ තෙරපීමකින් පාසල් සිසුන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මධ්‍යම අප්‍රිකා ජන රජයේ බොගන්ඩා නමැති උසස් පාසලේ සිදුවූ පිපිරීමක් සමග ඇතිබූ කලබලකාරී තත්ත්වය හේතුවෙන් තෙරපීම හටගෙන ඇති බවයි බලධාරීන් සදහන් කරන්නේ.

තෙරපීම හටගන්නා අවස්ථාවේ එම පාසල තුළ, වයස අවුරු 18ත් 22ත් අතර එම පාසලේ සිසුන් හා තවත් පාසල් හයක සිසුන් පන්දහසක් පමණ තම අවසන් විභාග සදහා මුහුණ දෙමින් සිටි බවද වාර්තා වනවා.

තෙරපීමෙන් සිසුන් 260 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි රොයිටර් පුවත් සේවය සදහන් කරන්නේ.

පිපිරීම ශ්‍රවණය වීමත් සමග සිසුන් රැදී සිටි ගොඩනැගිල්ල කඩාවැටීමට ලක්වේයැයි බියෙන් ඇතැම් සිසුන් උඩුමහලෙන් බිමට පැන ඇති බවද බලධාරීන් පවසනවා.

World News

Send your contact Details Today