Latest News

හොංකොං හි සිටින ළමුන් ගැන දුක හිතෙන වාර්තාවක් නිකුත් වෙයි

Published 17 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හොංකොං හි, වසර තුනක් තුළ එරට වැඩිම ළමා අපචාර සිද්ධීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ එරට සමාජ සුබසාධන දෙපාර්තමේන්තුව මෑතක දී නිකුත් කළ වාර්තාවකට අනුවයි.

එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ 2024 දී පමණක් එවැනි සිදුවීම 1,504ක් ලේඛණගත වී ඇති බවයි.

මෙය පෙර වසරට සාපේක්ෂව වින්දියතයින් 47ක වැඩිවීමක් සනිටුහන් කරනවා.

සියලුම අපයෝජනයන්ට ගොදුරු වූවන්ගෙන් සියයට 60ක්ම ගැහැණු ළමයින් බවයි එම වාර්තාවෙන් වැඩිදුරටත් පවසන්නේ.

ලිංගික හිංසනයන් ඔවුන් අත්විඳින බහුලවම අපයෝජනය වන අතර ගැහැණු ළමුන් සම්බන්ධයෙන් වාර්තා වූ සිද්ධීන් 522න් 455ක් ම ලිංගික අපයෝජනයන් වනවා.

එම වින්දිතයින් අතරට වයස අවුරුදු පහේ හෝ ඊට අඩු ළමුන් නව දෙනෙකු ද අයත් බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් වන්නේ.

වඩාත්ම අවදානමට ලක්විය හැකි වයස් කාණ්ඩය ලෙස හඳුනා ගෙන ඇත්තේ වයස අවුරුදු 12 සිට 14 දක්වා වූ වයස් කාණ්ඩයයි.

World News