Terrorgram නමින් හැඳින්වෙන ත්‍රස්ත සංවිධානයක් විසින් ඕස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂ සාමජිකයෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.
ත්‍රස්ත සංවිධානයට අයත් 20 හැවිරිදි ජෝර්ඩන් පැටන් නම් පුද්ගලයෙකු ව්‍යාජ කමාන්ඩෝ ඇඳුමකින් සැරසී මන්ත්‍රී කාර්යාලයට ආසන්නයේ සිට ඇති අතර ඔහු සතුව මිටියක් සහ පිහියක් තිබූ බව පොලීසිය සඳහන් කළා.
අත්අඩංගුවට පත් වීමෙන් පසු ඔහු නිව් සවුත් වේල්ස් පක්ෂ සාමාජික Tim Crakanthorp ඝාතනයට සැළසුම්කල බව අනාවරණය වී තිබෙනවා.
සැකකරුගේ ප්‍රකාශවලට අනුව Terrorgram සංවිධානය ඔහුගේ අන්තවාදී සංකල්ප සදහා විශාල බලපෑමක් එල්ල කළ බව සඳහන් වනවා.
මෙම ත්‍රස්ත සංවිධානය Telegram වැනි සන්නිවේදන මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන අතර, පසුගිය වසරවලදී එක්සත් ජනපදය, යුරෝපය සහ ආසියාවේ ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී ඇති බව පොලිසිය සදහන් කර සිටියා.
Terrorgram සංවිධානයට මූල්‍යමය වශයෙන් සහාය දැක්වීම හෝ ප්‍රතිලාභ ලබා ගැනීම නීති විරෝධී කරමින් ෆෙඩරල් රජය එම සංවිධානයට මූල්‍ය සම්බාධකද පනවා තිබෙනවා.
රජය විසින් මෙම සංවිධානයේ සියලුම ක්‍රියාකාරකම් තහනම් කරමින් එය නිලවශයෙන් ත්‍රස්ත සංවිධානයක් ලෙස ලැයිස්තුගත කරනු ලැබුවා.