ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත මඟින් වේදනාකාරී මොළයේ දැවිල්ලක් ඇති කළ හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා.
ඒ අනුව සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු ඇස්ට්‍රාසෙනෙකා එන්නතක් ලබාගැනීමෙන් පසු මොළයේ සහ සුෂුම්නාවෙහි දැවිල්ලක් ඇති වී වෛද්‍ය සහය ඉල්ලු අවස්ථාවක් පිළිබඳ ප්‍රංශ වෛද්‍යවරුන් මාධ්‍යට වාර්තා කර සිටියා.
මෙම පුද්ගලයා ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගෙන සති හතරකට පසු ඇවිදීමේ ගැටළු සහ මානසික ව්‍යාකූලතාවයෙන් රෝහල වෙත පැමිණ තිබෙනවා.
පසුව සිදුකළ ස්කෑන් පරීක්ෂණවලින් හෙළි වූයේ ඔහුගේ මොළයේ සහ සුෂුම්නාව වටා ඇති පටක වල ජීවිතයට තර්ජනයක් වන ඉදිමීමක් ඇති වී ඇති බවයි.
මීට හේතුව ලෙස වෛද්‍යවරුන් පෙන්වා දුන්නේ ඔහු ලබාගත් කොවිඩ් එන්නතට ඔහුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධික ලෙස ප්‍රතිචාර දක්වා තිබෙන බවයි.
රෝග ලක්ෂණ පාලනය වන තෙක් මාස හයක් පුරා ප්‍රතිශක්තිකරණ පද්ධතිය යතා තත්වයට ගැනීමට ප්‍රතිකාර කළ යුතු බවයි වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ.
තවද ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ සංකූලතා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 81 දෙනෙකු මියගොස් ඇති බව වෛද්‍යවරුන් තහවුරු කර සිටියා.
ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබාගත් පුද්ගලයින්ගෙන් තුනෙන් එකක් පමණ අවධානය අඩුවීම, කරකැවිල්ල හා කන් ආශ්‍රිතව විවිධ ශබ්ද ඇසීම වැනි ශාරිරික අසීරුතා වලින් පෙළෙන බව පර්යේෂණ මගින් තහවුරු කර තිබෙනවා.