Latest News

චීන තර්ජන මැද තායිවානයේ විශාලතම හමුදා අභ්‍යාසයට සිදු කළ දේ

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තායිවානය සිය හමුදා අභ්‍යාස පුළුල් කිරීම ආරම්භ කර තිබෙනවා.

චීන තර්ජන මධ්‍යයේ තායිවානය නාගරික වශයෙන් ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි අවධානය යොමු කරමින් හැන් කුවාං හමුදා කණ්ඩ දියුණු කිරීමට උපදෙස් දී ඇති බවයි.

තායිවානයේ විශාලතම වාර්ෂික හමුදා අභ්‍යාසය වන හැන් කුවාං අභ්‍යාසය ලෝකයේ වැඩි අවධානයක් දිනාගත් මිලිටරි අභ්‍යාසකරණයක් ලෙස හැඳින්වෙනවා.

යුරෝපය සහ බටහිර ආසියාවෙන් පසු, ඉන්දු-පැසිෆික් කලාපයේ ආතතීන් වර්ධනය වෙමින් පවතින අතරතුරදීයි තායිවානය හමුදා අභ්‍යාස ආරම්භ කර ඇත්තේ.

චීනයේ වැඩිවන හමුදා ක්‍රියාකාරකම් මධ්‍යයේ, තායිවානය මෙතෙක් සිදු වූ විශාලතම සංචිත හමුදා කැඳවීම සමඟ හමුදා අභ්‍යාස දියත් කිරීමට සූදානම් වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2024 දී 14,647 ක් වූ සංචිත භටයින් 22,000 ක් දක්වාත්, ජූලි මාසයේදී පැවැත්වීමට නියමිත තායිවානයේ විශාලතම වාර්ෂික හමුදා අභ්‍යාසය වන හැන් කුවැන්ග් අභ්‍යාසවලට සහභාගී වීමට කැඳවනු ලබන බව තායිවාන ආරක්ෂක අමාත්‍ය වෙලින්ටන් කූ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

“අපගේ ප්‍රධාන අරමුණ වන්නේ සංචිත බලකායක් කැඳවීමෙන් පසු සම්පූර්ණ සටන් හැකියාව නැවත ලබා ගැනීමට කොපමණ කාලයක් ගතවේද යන්න සත්‍යාපනය කිරීමයි” වාර්තා වනවා.

රටේ සෑම අවුරුදු 19 ක පිරිමි පුරවැසියෙකුම අනිවාර්ය හමුදා සේවයක් හෝ ඒ හා සමාන සිවිල් සේවයක් වසරක් සම්පූර්ණ කළ යුතු වනවා.

ඔවුන්ගේ වසරක සේවා කාලය අවසන් වූ පසු ඔවුන් සංචිත භටයින් ලෙස ලැයිස්තුගත කර ඇති අතර, ඔවුන් නිදහස් කරන තෙක් ඔවුන් දිගටම කැඳවනු ලබනවා.

World News