Latest News

රොනාල්ඩෝගේ නව කොන්ත්‍රාත්තුව නිසා යුරෝපා පාපන්දු ලෝලීන්ට දුක හිතෙන ආරංචියක්

Published 18 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, සෞදි අරාබියේ අල්-නසර් පාපන්දු ක්‍රීඩා සමාජය සමඟ නව කොන්ත්‍රාත්තුවකට එළඹ තිබෙනවා.

ඒ අනුව අඛණ්ඩව ඔහු දෙවන වරටත් අල්-නසර් කණ්ඩායම සමඟ මෙලෙස ගිවිසුම් ගතව ඇති අතර, වසර දෙකක් සඳහා ඔහු මේ ආකාරයෙන් ගිවිසුම් ගතව ඇති බවයි වාර්තා වන්නේ.

සෞදි ප්‍රෝ ලීග් සමාජයක් වන අල්-නසර් සමඟ ඇතිකරගත් මෙම ගිවිසුම අනුව රොනාල්ඩෝට ඒ වෙනුවෙන් ආසන්න වශයෙන් යුරෝ මිලියන 400ක් පමණ හිමිවනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඊට අමතරව ඔහුට පෞද්ගලික ජෙට් යානයක් සහ ඊට අවශ්‍ය වියදම් සහ තවත් පහසුකම් රැසක් රොනාල්ඩෝ වෙනුවෙන් අල්-නසාර් විසින් ආවරණය කරනු ලබනවා.

රොනාල්ඩෝ පසුගිය වාර කිහිපය තුළ සෞදි ප්‍රෝ ලීගයේ ඉහළම ගෝල ලාභියා වුවද, ඔහු තවමත් මෙම ලීග් ශූරතාව දිනාගැනීමට සමත් වී නැහැ.

රොනාල්ඩෝගේ මෙම තීරණයත් සමඟ ඔහුව තවත් වසර දෙකක් යුරෝපා පාපන්දු පිටියෙන් ඈත්ව තබන අතර, ඔහුගේ මෙම නව ගිවිසුමත් සමඟ සෞදි අරාබිය ප්‍රමුඛ මැදපෙරදිග පාපන්දු පිටිය උණුසුම් සහ විචිත්‍රවත් මුහුණුවරක් ගනු ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

World News