තායිවානයේ මහාධිකරණය විසින් එරට හිටපු හමුදා සෙබළෙකුට වසර දෙකයි මාස දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ඒ චීනයට රහසිගත ලෙස හමුදා ලේඛන ඡායාරූපගත කිරීම සහ එම තොරතුරු මුදා හැරීම සම්බන්ධයෙන් වරදකරුවෙකු වීම හේතුවෙන්.
වරදකරු කෙරුණු පුද්ගලයා චෙන් නමැත්තෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ.
විත්තිකරු අමෙරිකානු ඩොලර් 2,700 ක ගෙවීමක් සඳහා ලියකියවිලි සම්මත කිරීම වෙනුවෙන් තායිවාම සන්නද්ධ හමුදාවන්ගේ අපරාධ නීති සංග්‍රහය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ බව අධිකරණය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.
කෙසේවෙතත් විත්තිකරු හමුදා සේවයේ සිටියදී දැරූ නිලය හෝ ඔහු චීනයට ලබා දී ඇත්තේ කුමන වර්ගයේ රහස්‍ය තොරතුරු ද යන්න අනාවරණ වී නැහැ.