ගාසා තීරයේ වෙළෙඳපොළකට එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයන් 18 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මධ්‍යම ගාසා තිරයේ වෙළෙදපොලක පාලනය තහවුරු කරගැනීමට උත්සාහ කරන හමාස් පොලිස් ඒකකයක් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉන් අවම වශයෙන් පුද්ගලයන් 18 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මිල අධික සහ ආධාර ට්‍රක් රථවලින් කොල්ලකන භාණ්ඩ අලෙවිකරන බවට චෝදනා ලැබූ වෙළෙන්දන් හමුවට පැමිණි හමාස් පොලිස් බලකායේ සාමාජිකයන් වෙත ඊශ්‍රායල ඩ්‍රෝන යානා වෙඩි තැබූ බවයි ඇසින් දුටුවන් පවසා ඇත්තේ.
ඊයේ දිනයේදී මෙම පොලිස් නිලධාරීන්, වෙළෙන්දන්ට අවධාරණය කර ඇත්තේ සාධාරණ මිලට භාන්ඩ අලෙවි කළේ නැතිනම් ඒවා රාජසන්තක කරන බවටයි.
ඉන් අනතුරුවයි එම පොලිස් නිලධාරීන් ඉලක්ක කරගෙන මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ.