වසර 41 කට පසු ඉන්දියාව සිය දෙවන ගගනගාමියා අභ්‍යවකාශයට පසුගියදා යැවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව අමරිකාවේ ෆ්ලොරිඩාහි නාසා ආයතනයට අයත් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉන්දීය ගගනගාමී ශුභාන්ෂු ශුක්ලා ඇතුළු පිරිස මෙම ගමන ආරම්භ කළා.
මෙම මෙහෙයුම නම් කර ඇත්තේ “ඇක්සියෝම් ෆෝ” ලෙසයි.
මෙම මෙහෙයුමේ කණ්ඩායම් කපිතාන් ලෙස කටයුතු කරන්නේ ද ඉන්දීය ගගනගාමී ශුභාන්ෂු ශුක්ලා විසින්.
මෙම ගමනත් සමඟ ඔහු අභ්‍යවකාශයට ගමන් කළ දෙවන ඉන්දියානුවා බවට ද පත්වනු ඇති.
පැය 26 කට වැඩි කාලයක් තුළ අභ්‍යවකාශයේ ගමන් කරමින් ඔවුන් ගමන් ගන්නා යානය, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධ වීමට නියමිතයි.
මීට පෙර 1984 වසරේ දී රුසියානු සෝයුස් යානයකින් ඉන්දීය ගගනගාමී රාකේෂ් ශර්මා අභ්‍යවකාශයට ගමන් කර තිබුණා.