මේ වනවිට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය, ගෝලිය ආර්ථිකයට මෙන්ම සමාජයට ද දැඩි අභියෝගයක්ව අවසන්.
විශේෂයෙන් තරුණ ප්‍රජාව, මත්ද්‍රව්‍ය භාවිතයට ශීඝ්‍රයෙන් ගොඳුරු වීම ප්‍රබල ගැටලුවක් බවට පත්ව තිබෙනවා.
මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පිළිබඳ සොයා බැලීමේදී , මුල්මවරට මෙරටට ‘අබිං’ නැමැති මත්ද්‍රව්‍ය හඳුන්වාදී ඇත්තේ පෘතුග්‍රීසින්.
19 වෙනි සියවස අගදී සහ 20 වෙනි සියවස මුලදී ‘අබිං’ වලට එරෙහිව ජනමතයක් ගොඩනැගීමට තරම් මෙම මත්ද්‍රව්‍ය උග්‍ර ප්‍රශ්නයක් බවට පත්වුණා.
‘අබිං’ සැළකිය යුතු ලෙස ව්‍යාප්ත වෙමින් තිබියදී , 70 දශකය අග භාගයේදී ඉතා ප්‍රබල සහ භයානක මත්ද්‍රව්‍යයක් වන හෙරොයින් භාවිතය ආරම්භ වී තිබෙනවා.
නවතම වාර්තාවලට අනුව හෙරොයින් අභිබවා යමින්, ශ්‍රී ලංකාවේ තරුණ සහ ළමා ප්‍රජාව අතර මේ වනවිට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය, ඉහළ ගොස් ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් සුජිත් කොතලාවල එම ප්‍රජාවන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.