Latest News

ආරක්ෂක වියදම් ගැන නේටෝ නායකයින් ගත් අලුත්ම තීරණය

Published 19 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආරක්ෂක වියදම් සියයට පහක් දක්වා වැඩි කිරීමට නේටෝ රටවල නායකයින් එකඟතාවකට පැමිණීම විශාල ජයග්‍රහණයක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ බලකිරීම මධ්‍යයේ 2035 වසර වන විට ආරක්‍ෂක වියදම් සිය රටවල දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහක් දක්වා වැඩි කිරීම නේටෝ නායකයින් එකඟ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

නෙදර්ලන්තයේ හේග් නුවර පැවති නෝටෝ සමුළුවේදී ගත් එම තීරණය යුරෝපය සහ බටහිර රටවල් අත් කර ගත් විශාල ජයග්‍රහණයක් බවයි අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

එහිදී ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් නේටෝ සාමාජිකයන් ප්‍රකාශ කළේ රුසියාව විසින් එල්ල කරන ලද දිගු කාලීන තර්ජනය සහ ත්‍රස්තවාදය හුදෙකලා කරමින් ගැඹුරු ආරක්‍ෂක අභියෝගවලට එරෙහිව නේටෝව එක්සත් වී ඇති බවයි.

එක් නේටෝ සාමාජිකයෙකුට පහරදීමකට සම්පූර්ණ සන්ධානයෙන් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි යන මූලධර්මය නේටෝ නායකයින් එහිදී නැවත තහවුරු කර තිබෙනවා.

World News