Latest News

ට්‍රම්ප් නැවතත් සෙලෙන්ස්කි හමුවෙයි

Published 19 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කී (Volodymyr Zelenskyy) NATO සමුළුවට සමගාමීව සාකච්ඡා පවත්වා තිබෙනවා.

ආරක්ෂක වියදම් පිළිබඳ එහිදී ප්‍රධාන වශයෙන් කරුණු හුවමාරු කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

යුක්‍රේනයට සහය දක්වමින් රුසියාව සමඟ සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා තිබෙනවා.

එහිදී ට්‍රම්ප් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ රුසියානු ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ගුවන් ආරක්ෂක මිසයිලවලින් වැඩි ප්‍රමාණයක් යුක්‍රේනයට යැවිය හැකි බවයි.

සාම සාකච්ඡා නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව ද ට්‍රම්ප් සඳහන් කළා.

මේ අතර සෙලෙන්ස්කී X සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ ට්‍රම්ප් සමඟ ප්‍රධාන ආරක්ෂක හා යුධමය කරුණු පිළිබඳ සාකච්ඡා කළ බවයි.

World News