ඕස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ ගෝර්ඩන් හි (Gordon) බටහිර අධිවේගී මාර්ගයේ වාහන 12ක් එකිනෙකට ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.
ඉන් එක රියදුරෙක් බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මාර්ගයේ ඝන අයිස් තට්ටුවක් හේතුවෙන් අනතුර සිදුවී තිබෙනවා.
මෝටර් රථයක් ට්‍රක් රථයක් යට සිරවී ඇති අයුරු අනතුර සිදුවූ ස්ථානයේ වීඩියෝ දර්ශනවල දැක්වෙනවා.
චැප්මන්ස් පාර (Chapmans Rd) අසල අධිවේගී මාර්ගය පැය කිහිපයක් සඳහා වසා දැමුණු අතර මේ වනවිට එය නැවත විවෘත කර තිබෙනවා.
සීතල හා තෙත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මාර්ගවල ඝන අයිස් තට්ටු සෑදීමේ වැඩි ඉඩක් පවතින අතර අවධානයෙන් රිය පදවන ලෙසටයි රියදුරන්ට අනතුරු අඟවා ඇත්තේ.
අයිස් තට්ටු විනිවිද පෙනෙන බැවින්, ලිස්සන සුළු මතුපිටකදී රියදුරුට වාහනයේ පාලනය ගිලිහී යාමේ අවදානමක් ඇති කරන බවයි වික් රෝඩ්ස් (VicRoads)පෙන්වා දෙන්නේ.