Latest News

ජෝ බයිඩ්න්, 2020 ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය­ ගැ­නීම ගැන ආන්දෝලනාත්මක වාර්තාවක් එළියට

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජෝ බයිඩ්න් හමුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්වූ 2020 අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී චීනයේ මැදි­හ­ත්වීම් සිදුවූ බවට චෝදනා එල්ල වන වාර්තා­වක් එරට ෆෙඩ­රල් විම­ර්ශන කාර්යාං­ශයේ ප්‍රධානි කාෂ් පටේල් විසින් සෙනෙට් අධි­ක­රණ කමි­ටුවේ සභා­පති සෙනෙට් සභික චක් ග්‍රස්ලි වෙත භාර දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ඩොනල්ඩ් ට්‍රම්ප් පරා­ජය වීම සම්බ­න්ධව චෝදනා රැසක් ඇති බවත්, ඒ සඳහා චීනයේ කොමි­යු­නිස්ට් පක්ෂ­යෙන් බල­පෑම් සිදු­කළ බවට චෝදනා එල්ල වී ඇති බවත් එක්ස් සමාජ මාධ්‍ය­ජා­ලයේ සට­හ­නක් තබ­මින් ෆෙඩ­රල් විම­ර්ශන කාර්යාං­ශයේ ප්‍රධා­නියා ප්‍රකාශ කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේ.

සිය කාර්යාං­ශය සතුව තිබී වර්ගී­ක­ර­ණය නොකළ එම වාර්තාව සොයා ගනු ලැබුවේ වසර 2020 සිට මැති­ව­රණ ආශ්‍රිත බුද්ධි තොර­තුරු ෆෙඩ­රල් විම­ර්ශන කාර්යාං­ශය සතුව ඇති බවට මීට පෙර සෙනෙට් අධි­ක­රණ කමි­ටුවේ ප්‍රධා­නියා විසින් මතු කරනු ලැබූ තොර­තුරු අනුව බව කාෂ් පටේල් ප්‍රකාශ කර තිබෙනවා.

මේ පිළි­බඳ වැඩි­දුර පරී­ක්ෂණ කට­යුතු සෙනෙට් අධි­ක­රණ කමි­ටුව මඟින් සිදු කිරී­මට නිය­මි­තව ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරනවා.

මැති­ව­ර­ණය දූෂිත බව 2020 ජනා­ධි­ප­ති­ව­ර­ණය පරා­ජ­යට පත්වී­මෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි විරෝ­ධ­තා­වක නිර­තවූ බව ද වාර්තා වනවා.

World News

Send your contact Details Today