මොරටුව කොරලවැල්ල ශ්‍රමදාන මාවතේ මුහුදේ පාවෙමින් තිබූ යම්කිසි උපකරණයක කොටසක් ප්‍රදේශවාසීන්ගෙන් සහයෙන් ගොඩබිමට ගත් බව මොරටුව පොලිසිය පවසනවා.
වෘත්තාකාර හැඩයෙන් යුත් එම උපකරණයේ මැද කුඩා සර්කිට් එකක් දක්නට ලැබෙන අතර ජංගම දුරකථන හා සමාන කුඩා සූර්ය පැනල හතරක් දක්නට ලැබෙන බවයි පොලිසිය සඳහන් කළේ.
කිසියම් උපකරණයකට සවිකර තිබී ගැලවී යාමෙන් අනතුරුව මුහුදේ පාවෙන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ.
