Latest News

කටාර් වෙත එල්ල වූ ප්‍රහාරයට එරෙහිව නඩු

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමයට ගරු කරන්නේ, ඊශ්‍රායලය ද එම කොන්දේසි පිළිපදින්නේ නම් පමණක් බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසනවා.

ඒ අනුව “සියොන්වාදී පාලනය සටන් විරාමය කඩ නොකරන්නේ නම්, ඉරානය ද එය කඩ නොකරනු ඇත” ලෙස මැලේසියානු අගමැති අන්වර් ඉබ්‍රාහිම් සමඟ දුරකථන සංවාදයක දී පෙසෙෂ්කියන් පැවසූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර තම රාජ්‍යයේ පිහිටි අමෙරිකානු කඳවුරකට එල්ල වූ ඉරාන ප්‍රහාරයට එරෙහිව තමන් රාජ්‍ය තාන්ත්‍රික හා නීතිමය පියවර ගන්නා බව කටාර් රාජ්‍යය නිවේදනය කර තිබෙනවා.

කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් බින් ජාසිම් අල්-තානි (Mohammed bin Abdulrahman bin Jassim Al Thani) පැවසුවේ මෙම අර්බුදය ඉතා කඩිනමින් සමථයකට පත්වනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.

ගල්ෆ් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු අල් උඩෙයිඩ් කඳවුරට ඉරාන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු දෝහා නගරය ටෙහෙරානයට එරෙහිව මෙම නීතිමය පියවර ගැනීමට නියමිත බවත්, එය කටාර් හි ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් බවත් ෂෙයික් මොහොමඩ් බින් අග්‍රාමාත්‍යවරයා චෝදනා කරනවා.

World News

Send your contact Details Today