Latest News

තවත් රටවල් දෙකක් අතර දේශ සීමා වැසෙයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කාම්බෝජයට ඇතුළු වන දේශසීමා හරස් මාර්ග තායිලන්තය විසින් වසා දමා තිබෙනවා.

ඒ තායිලන්තය සහ කාම්බෝජය අතර පවතින මත ගැටුම් හේතුවෙන්.

ඒ අනුව තායිලන්ත හමුදාව සහ නාවික හමුදාවේ ප්‍රකාශයන්ට අනුව තායි සහ විදේශිකයින් යන දෙඅංශයෙන්ම සියලුම සංචාරකයින් සහ වෙළෙඳුන් ඇතුළු සියලුම පිරිස් වෙත කාම්බෝජ දේශසීමා තරණය කිරීම තහනම් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මතභේදාත්මක චොං බොක් දේශසීමා ආසන්නයේදී පසුගිය මැයි මස 28 වැනි දින හමුදා වෙඩි ප්‍රහාරයකින් කාම්බෝජ සොල්දාදුවෙකු මිය ගිය අතර එම මිය යාමෙන් පසු දෙරට අතර මතගැටුම් නිර්මාණය වුණා.

මෙම වෙඩි තැබීම ජාතිවාදී හැඟීම් වැඩිවීමට සහ ආණ්ඩු දෙකේම පළිගැනීමේ ක්‍රියාමාර්ගවලටද හේතුවී තිබුණා.

මෙම මතගැටුම් හේතුවෙන් පසුගියදා කාම්බෝජය විසින් තායිලන්තයෙන් ආනයනය කරන සියලු පලතුරු සහ එළවළු ආනයනය තහනම් කිරීමටද පියවර ගැනුණා.

එමපමණක් නොව රූපවාහිනියෙන් සහ සිනමා ශාලාවලින් තායි චිත්‍රපට තහනම් කිරීමටද පියවර ගත් අතර දේශසීමා මුරපොළක් ද වසා දමා තිබුණා.

World News

Send your contact Details Today