කටාර්හි සිදුවන ජීවිත හානි අවම කිරීම සඳහා ඉරානයෙන් ප්‍රහාර පිළිබඳව කටාර් නිලධාරීන්ට සහ අමෙරිකාවට කල්තියා දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
එමෙන්ම ඉරානය, කටාර්හි අල් උඩෙයිද් ගුවන් කඳවුර ඉලක්ක කර ගැනීම දැඩි ලෙස හෙළා දකින බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය පවසනවා.
විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ, එම ප්‍රහාරය එය කටාර්හි ස්වෛරීභාවය, ජාත්‍යන්තර නීතිය සහ යහපත් අසල්වැසි මූලධර්ම අමු අමුවේ උල්ලංඝනය කිරීමක් ලෙස එම රටවල් සඳහන් කර ඇති බවයි.