Latest News

ලොව පුරා සිටින අමෙරිකානු පුරවැසියන්ට අනතුරු ඇඟවීමක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් විදේශයන්හි සංචාරය කරන හෝ ජීවත්වන අමෙරිකානුවන්ගේ ආරක්ෂාව දැඩිව අවදානමකට ලක්විය හැකි බවට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව “ලොව පුරා අනතුරු ඇඟවීමක්” නිකුත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මැදපෙරදිග හරහා ගමන් කිරීමට බාධා ඇති වී ඇති අතර වරින් වර ගුවන් අවකාශය වසා දමා තිබෙන බව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අනතුරු ඇඟවීමේ සඳහන්ව ඇති බවයි.

එමෙන්ම රාජ්‍ය දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී ඇත්තේ එක්සත් ජනපද පුරවැසියන්ට එරෙහිව විරෝධතා ඇතිවීමේ හැකියාවක් පවතින බවත් එබැවින් ලොව පුරා සිටින එක්සත් ජනපද පුරවැසියන්ට දැඩිව ප්‍රවේසම් වන ලෙසයි.

World News

Send your contact Details Today